වෙට්’සුවෙට්’න් උතුරු අමෙරිකානු පාරම්පරික රතු ඉන්දියානු ජන්නතාවගේ නිජබ්මේ අයිතියට සහාය දෙන ආසියානුවන් සමග උතුරු ඇමෙරිකාවේ සහ මුළු ලෝකයේම වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන අපිද එක් වෙමු. උතුරුකුරු දිවයින හෙවත් උතුරු ඇමරිකාව ලෙස හැඳින්වෙන රාජ්‍යයන්හි ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් වන අපි වෙට්’සුවෙට්’න් උතුරු අමෙරිකානු පාරම්පරික රතු ඉන්දියානු ජන්නතාවගේ නිජබ්මේ අයිතියට සහය දෙන අතර සාම්ප්‍රදායික භූමිය ආක්‍රමණය කිරීම සහ ඔවුන්ගේ ඉඩම් සුරකින්නන් ප්‍රචණ්ඩ ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය (ආර්.සී.එම්.පී) මෑතදී සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමු.
සිවිල් නීති කැඩීම , භාණ්ඩ ප්‍රවාහනයට අවහිර කිරීම, දේශපාලනකයින්ගේ කාර්යාලවල වාඩිලෑම සහ ආධාර පෙළපාලි ඇතුළු ලොව පුරා වෙට්’සුවෙට්’න් ජනයාට සහයෝගය දැක්වීම සඳහා අපි බොහෝ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙමු.
https://m.facebook.com/events/221856442184296/
උතුරු ඇමරිකානු ඉන්දියානුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සම්මුතිය , වෙට්’සුවෙ’න් පාරම්පරික ඉඩම් අයිතිය උල්ලංගනය කරමින් ඉදිවෙන ට්‍රාන්ස්කැනාඩා ඛනිජ තෙල් නල මාර්ගය මගින් වෙට්’සුවෙට්’න් උතුරු අමෙරිකානු පාරම්පරික රතු ඉන්දියානු ජන්නතාවගේ නිජබිම් ප්‍රදේශය ආක්‍රමණය කිරීම අනුමත කරන ලද බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ ප්‍රධාන අමාත්‍ය ජෝන් හොර්ගන් සහ බ්‍රිතාන්‍ය කොලම්බියාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඊනියා “ප්‍රගතිශීලී” නායකත්වයේ ක්‍රියා කලාපය ගැන අපි දැඩි ලෙස කලකිරීමට පත් වෙමු.
ට්‍රාන්ස්කැනාඩා, බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ ප්‍රධාන අමාත්‍ය ජෝන් හොර්ගන්, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය (ආර්.සී.එම්.පී) සියළු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වෙට්’සුවට්’න් නීති ක්‍රියාත්මක කරන වෙට්’සුවෙට්’න් සාමූහික පාරම්පරික පාලනයට ගරු කරන ලෙසයි. යටත් විජිත නීතිවලට පෙරාතුව ඇති වෙට්’සුවෙට්’න් නීතිවලට ගරු කරන ලෙස අපි කැනේඩියානු රජයෙන් ඉල්ලා සිටිමු.
උතුරු ඇමරිකානු ඉන්දියානුවන්ගේ හා ආසියානු අරගල එකිනෙකට බැඳී ඇත. සමාන කාල වකවානුවක් තුළ අපි ද බටහිර අධිරාජ්‍යවාදීන් ගෙන් පීඩා වින්දෙමු . එකී විෂමතාවයන් ගේ ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමිකයන් වූ අපි සොරකම් කරන ලද ආදිවාසී ඉඩම්වල වෙසෙන ආසියානුවන් වශයෙන් උතුරු ඇමරිකානු ඉන්දියානු ජනතාවගේ ඉතිහාසය ඉගෙන ගැනීම සහ අවබෝධ කර ගැනීම සහ ගරු කිරීම අප ගේ වගකීමකි. වෙට්’සුවෙට්’න් උතුරු අමෙරිකානු පාරම්පරික රතු ඉන්දියානු ජන්නතාවගේ මව්බිමට අධිරාජ්‍යවාදී යටත් විජිත විනාශකාරී බලපෑම් සහ එය ගෙන එන අන්තර්ගෝලීය බලපෑම් අපි හඳුනා ගනිමු. ආධිපත්‍යයට, යටත්විජිතවාදයට හා ධනවාදයට එරෙහි අරගලවලට අපි සහාය දෙන අතර එය අපේම දෑ සමඟ තදින් සම්බන්ධ කරමු. මෙම තත්වයට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සමග අතිනත ගෙන ඔහුනගේ සාධාරණ සටනිනේ කොටස්කාරයන් වෙමු .
‘කැනඩාවේ’ ධනය ගොඩනඟා ඇත්තේ සොරකම් කරන ලද ආදිවාසී ඉඩමවල සූරාකෑමට ලක්වූ සංක්‍රමණික කම්කරුවන්ගේ ශ්‍රමයෙනි . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආසියානු ජාතිකයෝ ය. නව ලිබරල් වාදී පාලකයන් විසින් තව දුරටත් වාර්ගික බෙදීම් භාවිතා කරනුයේ අප මෙම භූමියට ඇති සබඳතාවල විවිධත්වය හිතාමතාම අපැහැදිලි කිරීමට සහ ආයතනික අවශ්‍යතා සඳහා ය. මෙම වර්ගීකරණයන් අපගේ ප්‍රජාවන් එකිනෙකාට එරෙහිව වෙන් කර තැබීමට උපකාරී වේ. ආසියානුවන් වශයෙන්, ආදිවාසීන් සහ වෙනත් වර්ණ ප්‍රජාවන් පහත් කිරීම සඳහා අපගේ ප්‍රජාවන් බොහෝ විට “ආදර්ශ සුළුතරයන්” ලෙස වර්ගීකරණය කරනු ලැබේ. අපි මෙම බෙදීම් ප්‍රතික්ෂේප කර නැවත සබඳතා සොයන්නෙමු.
යථෝක්ත තත්ත්වය යටතේ ආසියාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල මානව අයිතීන් ගැන කැනේඩියානු රජය කතා කිරීම විහිළුවකි .ඒ ඔවුන් ඔවුන්ගේ භූමියේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති නිසා ය .
වෙට්’සුවෙට්’න් උතුරු අමෙරිකානු පාරම්පරික රතු ඉන්දියානු ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ අනෙකුත් ජාතීන් ගෙන් ඉල්ලා සිටිමු. වෙට්’සුවෙට්’න් ජනයාට සහාය දැක්විය හැකි ක්‍රම සොයා ගැනීමට මෙතන ක්ලික් කරන්න. http://unistoten.camp/supportertoolkit2020/ සෘජු ඊමේල්, දුරකථන මාර්ග (බීසී සහ ෆෙඩරල්) වෙට්’සුවෙට්’න් නීති අරමුදලට පරිත්‍යාග කිරීම, සිදුවීම්, ක්‍රියා සහ පෙළපාළි වල පෙනී සිටීම සහ සහයෝගීතා ප්‍රකාශ ලිවීමට අපගේ ප්‍රජාවන් අතර සංවිධානය වීම මෙයට ඇතුළත් ය.
කරුණාකර මෙම ප්‍රකාශය අත්සන් කර සෙසු අය සමග බෙදාහදා ගන්නා ලෙස අපි සියලු ආසියානුවන්ගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි ,
අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත !!!!